Search Me

Thursday, October 29, 2020

සමනළයෙක් වෙන්නේ මෙහෙමයි....

විවිධ අවස්ථා වල ජීවිතය ජයගන්න විවිධ බාධා අපිට ඇති වෙනවා. ඇත්තටම කිව්වොත් සුභ දේවල් වලට වඩා අපේ ජීවිත වල බොහෝ විට සිද්ධ වෙන්නෙම කරදර. කොච්චර හොදට ඉන්න හැදුවත් බාධක එමටයි. මොනවද මේ බාධක....දුප්පත්කම, අපි ආදරය කරන අයගෙන් වෙන්වෙලා ඉන්න වෙන එක, ජීවිතේ ඉහළ තැනකට යන්න තියන නොහැකියාව, කිසිම දෙයක් කරන්න බැහැයි කියන හැගීම වගේ දේවල්. ඒත් ජීවිතේ අපිට සමනළයෙක් වෙන්න පුළුවන් නම්, මෙන්න මේ ප්රශ්න යම් තාක් දුරකට හරි විසදගන්න පුළුවන්.

ඔබත් සමනළයෙක් වෙන්න කැමතිද?

සමනළයා කියන්නේ අපි බොහොම දෙනෙක් පොඩි කාලේ ඉදන් අාසා කරන ලස්සන සතෙක්. කොහොම වුණත් වර්තමානේ නම් සමනළයෙක් වෙන්න කිව්වම බොහොමයක් දෙනා හිනා වෙනවා. සමනළයා කියන ලස්සන සතා බිහි වෙන්න, සතාට අමාරු කාල බොහොමයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒත් සතා අමාරු කාලවල් වලදි ජීවිතේ මග අරින්නේ නැතුව කරදර විද දරාගෙන ඉන්නවා. මොකද අන්තිමේට දවසක නිදහසේ පියාඹන්න පුළුවන් කියලා සමනළයා දන්නවා. වැඩිහිටි සමනළයා බිත්තර දාන්නේ මහා මන්දිර වල නෙවෙයි. ගහක කොළයක් උඩ. ඊට පස්සේ මේ බිත්තර වලින් දළඹුවෝ ඉපදෙනවා. ගහේ කොළ ජාති මත යැපෙමින් දළඹුවා අවදිය කොහොමහරි ගෙවනවා. ඇතැම් අවස්ථා වල සතුරු ආක්රමණ වලට මූණ දෙන්නත් මොවුන්ට  සිද්ධ වෙනවා. ඒත් රූපාන්තරණය හරහාත් මොවුන් අාරක්ෂා වෙනවා. කාලෙත් එක්ක මොවුන් පිලවා කෝෂයක් හදාගන්නවා. කෝෂය ඇතුලේ කාලයක් මොවුන් කාටත් හොරා වැඩෙනවා. ඒත් අඬ බෙර ගහන්නේ නැතුව මොවුන් නිශ්ශබ්දව තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්නවා. අන්තිමේට අමාරු කාලේ ඉවර වෙලා බොහොම ලස්සන සමනළයෙක් විදියට පිලා කෝෂයෙන් එළියට එන්න සතාට පුළුවන් වෙනවා. ඊට පස්සේ නිදහසේ කැමති විදියකට පියාඹලා යන්න සමනළයාට පුළුවන් වෙනවා.

ඉතින් ඇයි අපිටත් ජීවිතේ සමනළයෙක් වන්න බැරි.....ඉගෙනගන්න කාලේ බලන්න...ජීවිතේ කොච්චර දුක් විදින්න ඔ්නද? උදේම නැගිටලා ඉස්කෝලේ යන්න ඔ්න, ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ කරන්න ඔ්න,ඉස්කෝලෙ  නීති රීති වලට යටත් වෙලා ඉන්න ඔ්න. ඊළඟට රැකියාවක් කරන්න ගත්තත්, කැම්පස් යන්න ගත්තත් ජීවිතේ අපිට ලොකු කට්ටක් කන්න වෙනවා.කැම්පස් එකේ ගත්තොත් හරියට තුන් වේල කන්න නෑ. කන්න තිබ්බත් කිසිම රසක් නෑ. පවුලේ අයගෙන්, තමන් ආදරය කරන කෙනාගෙන් ඈත් වෙලා ඉන්න වෙනවා. ඒක පුදුමාකාර දුකක්. රස්සාවක් කරන්න ගත්ත මුලදි, උදේ 8 ඉදන් හවස 5 වෙනකන් වැඩ. හුස්මක් කටක් ගන්නවත් වෙලාවක් නෑ. කීයක් හරි හොයාගන්නකන් නිවනක් නෑ. ඒත් මේ අමාරු කාලේ කොහොමහරි ගෙවාගත්තොත් අනිවාර්යයෙන් ජීවිතේ දිගු කාලීන සතුට විදගන්න අපිට පුළුවන් වෙනවාඉතින් ඔබත් අදම සමනළයෙක් වෙන්න.

-උපේක්ඛා අභයරත්න-





 

තාමත් ලංකාවේ නොනැසී පවතින කුල භේදය

ශ්රී ලංකාවට නිදහස ලැබී දැනට වසර 69ක් වන බවට බොහෝ දෙනා විශ්වාස කරනවා. ඒත් බොහොමයක්  මිනිස්සුන්ට තාමත් ලංකාවේ කන්තෝරුවකවත්, හිත නිදහස්ව වැඩ කිරීමට හැකි තත්වයක් නිර්මාණය වී නොමැතිය. අතීතයේ ලංකාවේ පැවතියේ රාජකාරි ක්රමයකි. මෙම ක්රමයේ ප්රධානියා වූයේ රජුය. මෙහිදි විවිධ පුද්ගලයින් හට, විවිධ රාජකාරි පැවරී තිබිනි. රදලයන් වූ කලී සමාජයේ ඉහල පැලැන්තියේ අයවලුන් වූ අතර රජුට සමීප, ඉහල තනාන්තර හිමි වූයේ මෙම රදල කුලයට අයත් වූ පිරිස් වලටය. ගොවිකම සෑම අයෙක්ටම කල නොහැක්කක් වූ අතර ගොවිතැන කල අයෙකුගේ දූ දරුවන් හටද උරුම වූ රැකියාව වූයේ ගොවිතැනයි. වලන් සාදන පුද්ගලයාගේ පරම්පරාවම වලන් සෑදීම අනිවාර් විය. රජුට බත් සපයන්නා සදාකාලිකවම රජුට බත් සැපයිය යුතුව තිබුනි. කසල ශෝධකයා හා ඔහුගේ පරම්පරාව සැමදා එම රාජකාරියටම සීමා වී තිබුනි.  මෙවැනි රාජකාරි ක්රමයක් තුලින් මිනිසාගේ නිදහස සීමා වී තිබුනු අතර ඉහළයැයි සම්මත වී තිබූ සමාජ පන්තිවල මිනිසුන් විසින් නිරන්තරයෙන්ම පහල යැයි සැලකූ පන්තිවල මිනිසුන්ව පාගා දැමීය.

ශ්රීලංකාවේ රාජකාරි ක්රමය අහෝසි වූ පසු එම තත්වයන් වෙනස් වූයේ යැයි බොහෝමයක් දෙනා සිතයි. නමුත් එම ක්රමය අහෝසිකර වසර ගනනාවක් ගත වී ඇතත් සිංහලයන් වන අපට තවමත් එම කුල ක්රමය මනසෙන් දුරස් කිරීමට හැකි වී නැහැ. සිංහලයන් බොහෝ දෙනා බෞද්ධයන් වන අතර අන්ජලිකරනීය වූ සංඝරත්නය වර්තමානය වන විට කුල ගෝත් වලට බෙදී සිටියි. අස්ගිරි, මල්වතු, අමරපුර, රාමඤ්ඤ ආදී ලෙසින් නොයෙක් නිකායන් වලට බෙදී සිටින සංඝයා වහන්සේලා අතර මෙම කුල භේදය වර්තමානය වන විට ඉතා තදින් පවතී. අස්ගිරි හෝ මල්වතු විහාර වල මහනදම් පිරීමට තිබිය යුතු එක් සුදුසුකමක් වන්නේ ගොවිගම වැනි ඉහල කුලයකින් පැවත එන්නෙකු වීමයි. ඊට වඩා පහත් යැයි සම්මත කුලයක පින්වන්තයෙක්ට මෙම නිකාය වල මහනදම් පිරිය නොහැකිය. බුදුරජානන් වහන්සේ අද වැඩ සිටියානම් බුද්ධ පුත්රයන් යන නමට සිදු වී ඇති විපතත්,බෞද්ධාගමේ පිරිහීමත් පිලිබඳව දිවැසින් හෝ දකිනු ඇත.

විශ්ව විද්යාල හා වෙනත් රජයේ උසස් අධයාපන අයතන තුල ඇතම් අවස්තා වලදී කථිකාචාර්යවරයකු වීමට ඉල්ලුම් කිරීමේදී අවසානයේ සලකා බලන කරුනක් බවට කුලය පත් වී ඇත. ඇතම් පාසල් පද්ධති තුලද සිසුන් පීඩාවට පත් කරන කරුනක් ලෙස කුලය තසාද්කය ඔඩු දුවයි. රැකියාවක ඉහ්ල තනතුරකට ඉල්ලුම් කිරීමේදී කෙතරම් මහන්සි වී ඉගෙනගත්තෙකු වුවත් ඔවුන් හට කුල සාධකය හරස් වූ අවස්තා එමටය. පුවත් පත් වල මංගල කිංකිණි තීරය ගතහොත් මනාලයෙක් හෝ මනාලියක් සෙවීමේදී ලංකාවේ මිනිසුන් සැලකිලිමත් වන ප්රධාන කරුන වන්නේ ඔහුගේ හෝ ඇයගේ කුලයයි.

ඇසට නොපෙනෙන තවත් බොහෝ උදාහරණ ලංකාව තුල එමටය. වසර ගනනාවක් බොහෝ කැප කිරීම් කරමින් පවත්වාගෙන එන ඇතැම් ප්රේම සම්බන්ධතා නැවැත්වීමට සිදුවන්නේ මෙම කුල ක්රමය හේතුවෙනි. සියලුම දෙනා එක මවකගේ දරුවන් යැයි පවසන මිනිසුන්ම අල්ලපු නිවසෙන් තේ උගුරක් බොන්නට මැලි වන්නේ ඔවුන් අඩු කුලයේ යැයි පවසමිනි. වලව් නැතිනම් ගොවිගම පවුලක් වීම නිසා තම දියණිය හෝ පුතනුවන්ව ඕනම ආකාරයේ අපායකට විවාහ කර දීමට වර්තමාන දෙමාපියෝද කිසි විටක මැලි නොවේ. මහින්ද් ප්රසාද් මස්ඉඹුලගේ සෙංකොට්ටන් පොත වැනි සාහිත් කෘතීන් තුලින් මෙම කරුන පිලිබඳව ඉතා අපූරුවට සදහන් කරයි. කෙසේ වෙතත් රටක් වශයෙන් තවමත් අපි පසුගාමී වන්නට බලවත් හේතුවක් ලෙස මෙම කුල ක්රමය හදුන්වා දිය හැකිය. තවත් අයුරකින් කිවහොත් කුල භේදය ශ්රීලංකාවේ මේ මොහත වන විටත්  අප අතර පවතින ප්රසිද්ධ රහසකි. නැතහොත් ගඳ ගසන, හොර රහසේ රිදුම් දෙන තුවාලයකි. 

-උපේක්ඛා අභයරත්න-

 


 

සමනළයෙක් වෙන්නේ මෙහෙමයි .... විවිධ අවස්ථා වල ජීවිතය ජයගන්න විවිධ බාධා අපිට ඇති වෙනවා . ඇත්තටම කිව්වොත් සුභ දේවල් වලට වඩා ...