සමනළයෙක් වෙන්නේ මෙහෙමයි....
විවිධ
අවස්ථා
වල
ජීවිතය ජයගන්න විවිධ
බාධා
අපිට
ඇති
වෙනවා.
ඇත්තටම කිව්වොත් සුභ දේවල් වලට වඩා අපේ ජීවිත වල බොහෝ විට සිද්ධ වෙන්නෙම කරදර. කොච්චර හොදට ඉන්න හැදුවත් බාධක එමටයි. මොනවද මේ බාධක....දුප්පත්කම, අපි ආදරය කරන අයගෙන් වෙන්වෙලා ඉන්න වෙන එක, ජීවිතේ ඉහළ තැනකට යන්න තියන නොහැකියාව, කිසිම දෙයක් කරන්න බැහැයි කියන හැගීම වගේ දේවල්. ඒත් ජීවිතේ අපිට සමනළයෙක් වෙන්න පුළුවන් නම්, මෙන්න මේ ප්රශ්න
යම්
තාක්
දුරකට
හරි
විසදගන්න පුළුවන්.
ඔබත් සමනළයෙක් වෙන්න කැමතිද?
සමනළයා
කියන්නේ අපි
බොහොම දෙනෙක්
පොඩි
කාලේ
ඉදන්
අාසා
කරන
ලස්සන
සතෙක්.
ඒ
කොහොම වුණත්
වර්තමානේ නම් සමනළයෙක් වෙන්න
කිව්වම
බොහොමයක් දෙනා
හිනා
වෙනවා.
සමනළයා
කියන
ලස්සන
සතා
බිහි
වෙන්න,
ඒ
සතාට
අමාරු
කාල
බොහොමයකට මුහුණ
දෙන්න
සිද්ධ
වෙනවා.
ඒත්
ඒ
සතා
ඒ
අමාරු
කාලවල්
වලදි
ජීවිතේ
මග
අරින්නේ නැතුව
කරදර
විද
දරාගෙන
ඉන්නවා.
මොකද
අන්තිමේට දවසක
නිදහසේ
පියාඹන්න පුළුවන් කියලා
සමනළයා
දන්නවා.
වැඩිහිටි සමනළයා
බිත්තර
දාන්නේ
මහා
මන්දිර
වල
නෙවෙයි.
ගහක
කොළයක් උඩ.
ඊට
පස්සේ
මේ
බිත්තර
වලින්
දළඹුවෝ
ඉපදෙනවා.
ගහේ
කොළ
ජාති
මත
යැපෙමින් දළඹුවා
ඒ
අවදිය
කොහොමහරි ගෙවනවා.
ඇතැම්
අවස්ථා
වල
සතුරු
ආක්රමණ වලට මූණ දෙන්නත් මොවුන්ට
සිද්ධ
වෙනවා.
ඒත්
රූපාන්තරණය හරහාත්
මොවුන් අාරක්ෂා වෙනවා.
කාලෙත්
එක්ක
මොවුන් පිලවා
කෝෂයක්
හදාගන්නවා.
ඒ
කෝෂය
ඇතුලේ
කාලයක්
මොවුන් කාටත්
හොරා
වැඩෙනවා.
ඒත්
අඬ
බෙර
ගහන්නේ
නැතුව
මොවුන් නිශ්ශබ්දව තමන්ගේ
ජීවිතේ
ගොඩනගා ගන්නවා.
අන්තිමේට ඒ
අමාරු
කාලේ
ඉවර
වෙලා
බොහොම ලස්සන
සමනළයෙක් විදියට
පිලා
කෝෂයෙන් එළියට
එන්න
ඒ
සතාට
පුළුවන් වෙනවා.
ඊට
පස්සේ
නිදහසේ
කැමති
විදියකට පියාඹලා යන්න
සමනළයාට පුළුවන් වෙනවා.
ඉතින්
ඇයි
අපිටත්
ජීවිතේ
සමනළයෙක් වන්න
බැරි.....ඉගෙනගන්න කාලේ බලන්න...ජීවිතේ කොච්චර දුක් විදින්න ඔ්නද? උදේම නැගිටලා ඉස්කෝලේ යන්න ඔ්න, ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ කරන්න ඔ්න,ඉස්කෝලෙ නීති රීති වලට යටත් වෙලා ඉන්න ඔ්න. ඊළඟට රැකියාවක් කරන්න ගත්තත්, කැම්පස් යන්න ගත්තත් ජීවිතේ අපිට ලොකු කට්ටක් කන්න වෙනවා.කැම්පස් එකේ ගත්තොත් හරියට තුන් වේල කන්න නෑ. කන්න තිබ්බත් කිසිම රසක් නෑ. පවුලේ අයගෙන්, තමන් ආදරය කරන කෙනාගෙන් ඈත් වෙලා ඉන්න වෙනවා. ඒක පුදුමාකාර දුකක්. රස්සාවක් කරන්න ගත්ත මුලදි, උදේ 8 ඉදන් හවස 5 වෙනකන් වැඩ. හුස්මක් කටක් ගන්නවත් වෙලාවක් නෑ. කීයක් හරි හොයාගන්නකන් නිවනක් නෑ. ඒත් මේ අමාරු කාලේ කොහොමහරි ගෙවාගත්තොත් අනිවාර්යයෙන් ජීවිතේ
දිගු කාලීන සතුට විදගන්න අපිට පුළුවන් වෙනවා.
ඉතින්
ඔබත්
අදම
සමනළයෙක් වෙන්න.
-උපේක්ඛා අභයරත්න-

No comments:
Post a Comment